72 වන ජාතික නිදහස් දින උත්සවය ආරම්භ වීමට ඇත්තේ තව හෝරා කිහිපයක් පමණකි. මෙවර ජාතික නිදහස් දිනය ලඟාවන්නට මාස කිහිපයක සිටම සමාජයේ ඒ පිලිබදව දැඩි උනන්දුවක් සහ කතාබහක් ඇති වී තිබුණි. නව ජනාධිපතිවරයෙක් නව රජයක් පත්වීමෙන් පසුව එලැබෙන ප්‍රථම නිදහස් දින උත්සවය පිලිබඳව රටේ මහ ජනතාව හා එකි රජය විශේෂ අවධානයක් යොමු කිරීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් මෙවර එකී අවධානය දෙගුණ තෙගුණ කරන්නට සමත් වී ඇත්තේ මෙවර ජාතික නිදහස් දින උළෙලේදි ජාතික ගීය දෙමළ බසින් ගායන කරනු ඇද්ද යන ප්‍රශ්නාර්ථය නිසාවෙනි. ඔබටත් මටත් මේ පිලිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් තව වසර ගණනක් යන තුරු එකිනෙකා හා වාද කරමින් සිටිය හැකිය. පසුගිය මාස කිහිපය තුල ජනප්‍රිය දේශපාලන ප්‍රවාහය තුල අප අත්වින්දේ එවැනි මහා වාදයන්ය. රටකට තිබිය යුත්තේ එක් ජාතික ගීයක් බව එක් පාර්ශවයක් තර්ක කරනු ඇත, තමන්ට නොතේරෙන භාෂාවකින් ජාතික ගීය ගැයිමේ අරුත කිම දැයි අනෙක් පාර්ශවය තම හඬ අවදි කරනු ඇත. මේ කිසිදු අන්තයකට නොමැති තවත් පිරිසක් තම මතයක් පල කිරිමෙන් වැලකී සිඳුවන්නේ කුමක්දැයි බලා සිටිනු ඇත. මෙහි ඇති නරකම ප්‍රථිපලය නම් මේ ඉදිරියට පැමිණ ප්‍රසිද්ධියේ මේ පිලිබඳ