Posts

ගයමු ගීයක් දැන් අපි නිදහසේ………….!!!

Image
  72 වන ජාතික නිදහස් දින උත්සවය ආරම්භ වීමට ඇත්තේ තව හෝරා කිහිපයක් පමණකි. මෙවර ජාතික නිදහස් දිනය ලඟාවන්නට මාස කිහිපයක සිටම සමාජයේ ඒ පිලිබදව දැඩි උනන්දුවක් සහ කතාබහක් ඇති වී තිබුණි. නව ජනාධිපතිවරයෙක් නව රජයක් පත්වීමෙන් පසුව එලැබෙන ප්‍රථම නිදහස් දින උත්සවය පිලිබඳව රටේ මහ ජනතාව හා එකි රජය විශේෂ අවධානයක් යොමු කිරීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් මෙවර එකී අවධානය දෙගුණ තෙගුණ කරන්නට සමත් වී ඇත්තේ මෙවර ජාතික නිදහස් දින උළෙලේදි ජාතික ගීය දෙමළ බසින් ගායන කරනු ඇද්ද යන ප්‍රශ්නාර්ථය නිසාවෙනි.   ඔබටත් මටත් මේ පිලිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් තව වසර ගණනක් යන තුරු එකිනෙකා හා වාද කරමින් සිටිය හැකිය. පසුගිය මාස කිහිපය තුල ජනප්‍රිය දේශපාලන ප්‍රවාහය තුල අප අත්වින්දේ එවැනි මහා වාදයන්ය. රටකට තිබිය යුත්තේ එක් ජාතික ගීයක් බව එක් පාර්ශවයක් තර්ක කරනු ඇත, තමන්ට නොතේරෙන භාෂාවකින් ජාතික ගීය ගැයිමේ අරුත කිම දැයි අනෙක් පාර්ශවය තම හඬ අවදි කරනු ඇත. මේ කිසිදු අන්තයකට නොමැති තවත් පිරිසක් තම මතයක් පල කිරිමෙන් වැලකී සිඳුවන්නේ කුමක්දැයි බලා සිටිනු ඇත.   මෙහි ඇති නරකම ප්‍රථිපලය නම් මේ ඉදිරියට පැමිණ ප්‍රසිද්ධියේ මේ පිලිබඳ

ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන්ගේ වර්තමාන හා අනාගත අභියෝග.

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ  සිටම, ඉංජිනේරුවන්ගේ කාර්යභාර්යය මානව සංහතියේ ප්‍රගමනයෙහිලා ප්‍රබල සාධකයක් විය. ආරම්භයේදි සතුන් දඩයම් කිරීමේ අදහසින් තනන ලද ගල් ආයුධ ප්‍රථම ප්‍රාථමික ඉංජිනේරු නිර්මාණයන් ලෙස සැලකිය හැකිය. එතැන් පටන් ක්‍රමයෙන් නමුත් වේගයෙන් ඉදිරියට ගලා ගිය මෙම සැඟවුන ඉංජිනේරුවන්ගේ කාර්යභාර්යය නව මං පෙතකට යොමු කරන්නේ රෝදයේ සොයා ගැනීමයි. එදා සිට අප ජීවත් වන වර්තමාන ලෝකය දක්වා මිනිසා පසුකොට ඇති සෑම මං සලකුණකදීම සමාජ පරිවර්තනයක් උදෙසා ඉංජිනේරුවන් ඉටු කොට ඇති මෙහෙය අතිමහත්ය. ලෝකය ආ ගමනේදී එතෙක් මෙතෙක් පැවති සියලු දියුණු ශිෂ්ටාචාර ගෙන සලකා බැලු විටද විද්‍යමාන වන කරුණක් නම් එකී එක් එක් ශිෂ්ටාචාරයේ පැවැත්ම, උන්නතිය හා සංවර්ධනය යන සියල්ලන්ටම දක්ෂ ඉංජිනේරුවන්ගේ මෙහෙය තද බල ලෙස බලපා ඇති බවයි. මෙය අප ජීවත් වන ශ්‍රී ලංකාවටද එලෙසම පොදු විය. ශ්‍රී ලංකාව සමෘර්ධිමත්, සශ්‍රීක හා සංවර්ධිත රාජ්‍යයක් ලෙස පැවතුණු අතීත රජ සමයේ එම තත්වයට ලාංකික රාජ්‍යය ගෙන ඒමට මුල් වුයේ එඩිතර, රණකාමී හා නැණවත් රාජ්‍ය පාලකයන් නිසාම පමණක් යැයි සිතීම උගහටය. ලෝකයම මවිත කල වාරි නිර්මාණ, ගඩොල් නිර්මාණ,යකඩ හා රත්රන් භාවිතය