Posts

Showing posts from April, 2023

ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන්ගේ වර්තමාන හා අනාගත අභියෝග.

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ  සිටම, ඉංජිනේරුවන්ගේ කාර්යභාර්යය මානව සංහතියේ ප්‍රගමනයෙහිලා ප්‍රබල සාධකයක් විය. ආරම්භයේදි සතුන් දඩයම් කිරීමේ අදහසින් තනන ලද ගල් ආයුධ ප්‍රථම ප්‍රාථමික ඉංජිනේරු නිර්මාණයන් ලෙස සැලකිය හැකිය. එතැන් පටන් ක්‍රමයෙන් නමුත් වේගයෙන් ඉදිරියට ගලා ගිය මෙම සැඟවුන ඉංජිනේරුවන්ගේ කාර්යභාර්යය නව මං පෙතකට යොමු කරන්නේ රෝදයේ සොයා ගැනීමයි. එදා සිට අප ජීවත් වන වර්තමාන ලෝකය දක්වා මිනිසා පසුකොට ඇති සෑම මං සලකුණකදීම සමාජ පරිවර්තනයක් උදෙසා ඉංජිනේරුවන් ඉටු කොට ඇති මෙහෙය අතිමහත්ය. ලෝකය ආ ගමනේදී එතෙක් මෙතෙක් පැවති සියලු දියුණු ශිෂ්ටාචාර ගෙන සලකා බැලු විටද විද්‍යමාන වන කරුණක් නම් එකී එක් එක් ශිෂ්ටාචාරයේ පැවැත්ම, උන්නතිය හා සංවර්ධනය යන සියල්ලන්ටම දක්ෂ ඉංජිනේරුවන්ගේ මෙහෙය තද බල ලෙස බලපා ඇති බවයි. මෙය අප ජීවත් වන ශ්‍රී ලංකාවටද එලෙසම පොදු විය. ශ්‍රී ලංකාව සමෘර්ධිමත්, සශ්‍රීක හා සංවර්ධිත රාජ්‍යයක් ලෙස පැවතුණු අතීත රජ සමයේ එම තත්වයට ලාංකික රාජ්‍යය ගෙන ඒමට මුල් වුයේ එඩිතර, රණකාමී හා නැණවත් රාජ්‍ය පාලකයන් නිසාම පමණක් යැයි සිතීම උගහටය. ලෝකයම මවිත කල වාරි නිර්මාණ, ගඩොල් නිර්මාණ,යකඩ හා රත්රන් භාවිතය